Tuesday, October 26, 2021

 වෙස් මුහුණු කලාවේ  චමත්කාර නිර්මාණ.


                                                  ඈත අතීතයේ සිටම පැවත එන විචිත්‍රවවත් වූ කලා මාදිලියක් ලෙස මේ වෙස් මුහුණු කලාව හැඳින්විය හැකිය.එකළ සිටි දේශීය කලා කරුවන්ගේ ඉතා අගනා කලා නිර්මාණයක් වන මෙය වර්තමානයේ දී විදේශ විනිමය ඉපයීම පිණිසත්,සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසටත් මෙන්ම ප්‍රදර්ශන භාණ්ඩ ලෙසටත් භාවිතා කරනු ලබන බව අපට දක්නට ලැබේ.මෙම ක්‍රියාදාමයේ වාසි සහගත මෙන්ම අවාසි සහගත තත්වයන්ද මේ හරහා උද්දීපනය වේ.ලාංකීය කලාවන් අතර වෙස් මුහුණු කලාවට හිමි වන්නේ අද්විතීය ස්තානයකි. 

කැටයම් කලාවේ අනභිබවනීය නිමැවුමක් ලෙස මේ වෙස් මුහුණු කලාව හැඳින්වීමට අපට හැකිය.පරම්පරාණුගතව පැවත එන මේ වෙස් මුහුණු කලාව සිතේ පැහැදීමෙන් යුතුව ඉතා සං‍යමයකින් සහ චාරිත්‍රානුකූලව නැකැත් බලා ආරම්භ කරයි.වෙස් මුහුණු තනනු ලබන ශිල්පියා පළමුවෙන්ම සිදු කරනුයේ ඊට සුදුසු දැවමය කඳක් තෝරා ගැනීමයි.අනතුරුව එය කොටස් වශයෙන් කප එක් එක් කොටස ගෙන තමාට නිර්මාණය කිරීමට අවශ්‍ය වෙස් මුහුණට අදාළ හැඩය මතු කරගනු ලබයි.ශිල්පීය දක්ශතාවය මත ඉතා අලංකාර වූත් වර්ණවත් වූත් වෙස් මුහුණු නිර්මාණය වන අතර අම්බලංගොඩ ප්‍රදේශය මෙම වෙස්මුහුණූ කලාව අතින් ප්‍රසිද්දියක් උසුලයි.(#nuwaraapi#)



  වෙස් මුහුණු කලාවේ  චමත්කාර නිර්මාණ.                                                   ඈත අතීතයේ සිටම පැවත එන විචිත්‍රවවත් වූ කලා මාදිලියක්...